දක්ෂිණ අධිවේගයේ ලොරි රථ අනතුරක් – දැඩි රථ වාහන තදබදයක්

0
14


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් කිලෝමීටර් 17 කණුව ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව අප වාර්තාකරු පවසනවා.

ලොරියේ පසුපස රෝදය ගැලවී යෑමෙන් අනතුර සිදුව ඇති අතර පසුව ලොරිය පෙරළී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

පොලීසිය පැමිණ මේ වනවිට රථවාහන තදබදය අවම කිරීමට කටයුතු සිදුකරමින් පවතියි.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here