තේ දළු ප්‍රවාහනය කළ ටිපර් රථයක් පෙරළෙයි – තිදෙනෙකුට තුවාල

0
12


තේ දළු ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වී වීමෙන් එම ටිපර් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත අද (19) දින ඇතුලත් කළ බව නොර්වුඩ් පොලිසියේ නිලධාරියෙකු පවසනවා.

අද (19) දින පස්වරු 3.30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් සෙන්ජෝන්ඩිලරි වත්ත ප්‍රදේශයේදීයි.

බගවන්තලාව ලොයිනෝන් වතුයායේ සිට හැටන් වනරාජා වත්ත දක්වා තේ දළු ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ටිපර් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ටිපර් රථය අනතුරට පත්වන අවස්ථාවේ ටිපර් රථය තුළ හත් දෙනෙකු ගමන් කර ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here