තෙල් සැපයුමේ ප්‍රශ්නයක් නැත්නම් මොකටද QR – මරික්කාර් ආණ්ඩුවෙන් අහයි

0
6

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ලංකාවේ ඉන්ධන සැපයුම කිසිදු ගැටලුවක් ඇති නොවන බවට ආණ්ඩුව පවසා ඇති තත්ත්වයක රටේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැන ප්‍රශ්නයක් මතු වෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් පැවසුවේය.

ඒ වගේම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ලංකාවේ ඉන්ධන අර්බුදයට කිසිදු ගැටලුවක් ඇති නොවන බව විදේශ ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් තෙල් මිලදී ගන්නා නිසා ඉන්ධන අර්බුදයක් ලංකාවට ඇති නොවන බව පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩුවේ පොල්ලෙලි කිහිපයක් පසුගියදා අදහස් දක්වා තිබුණා. තෙල් සැපයුම නිසි පරිදි සිදුවෙනවානම් ඉන්ධන ලබා ගැනීම සඳහා QR කේතයක් හඳුන්වා දෙන්න ආණ්ඩුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවෙනවා. ආණ්ඩුව ඉන්ධනQR ක්‍රමවේදයට ලබාදීම හරහා ලංකාවේ සංචාරක කර්මාන්තය කඩාගෙන වැටෙනවා. කෘෂිකර්මාන්තය කඩාගෙන වැටෙනවා , ධිවර කර්මාන්තය කඩාගෙන වැටෙනවා , ආපනශාලා කඩාගෙන වැටෙනවා , ඒ වගේම කාන්තාවන්ට එක මිටට රත්තරං බඩු උකස් කරන්නත් සිදුවේවි. ඒ වගේම පසුගිය කාලයේදී කිව් ආර් ක්‍රමවේදයට ඉන්ධන ලබා දුන්නේ ඉන්ධන මිලදී ගන්න මුදල් නොමැති නිසා බවත් වර්තමාන ආණ්ඩුව සතුව මුදල් තිබෙන බවත් නමුත් ලෝක වෙළදපොලේ ඉන්ධන මිලදි ගැනිම අපහසු වී ඇති බවත් ආණ්ඩුවේ පොල්ලෙලි ප්‍රකාශ කරනු ලබනවා.

කෙසේ නමුත් රටේ ඉන්ධන පරිභෝජනය සීමා කිරීමට සිදුවී තිබෙන බවට වන යථාර්ථයට පිළිගැනීමට සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

”කෙසේ නමුත් මේ හරහා ආණ්ඩුවේ නොහැකියාව සහ බොරුකීම ඉස්මතු වී තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ලංකාවේ ඉන්ධන අර්බුදයට කිසිදු ගැටලුවක් ඇති වන්නේ නැතිනම් රටේ ඉන්ධන පරිභෝජනය සීමා කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ ඇයි ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම රටේ විපක්ෂය සිදුකළ යුත්තේ ඇත්ත තත්ත්වය රටට හෙළි කිරීමයි. නමුත් ඇතැමෙක් ඒවා විවේචනය කරන්නත් කටයුතු කරනු ලබනවා.

රට තුළ ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් රටේ ආර්ථිකය අර්බුදයට පත් වෙමින් තිබෙනවා. ඒ වගේම මැදපෙරදිග යුද්ධය හේතුවෙන් විදේශ ප්‍රේෂණ වලට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ වගේම අපනයනයටත් විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. රටට ඩොලර් ආදායම් පැමිණෙන මාර්ග 4 න් තුනක්ම මේ වනවිට වැසී ගොස් තිබෙනවා. කෙසේ නමුත් ඉන්ධන සඳහා රජය අය කරන බද්ද අඩු කරලා ජනතාවට සහනයක් ලබා දෙන්න ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. බදු අඩු නොකර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් වඩා රටේ ජනතාවගේ රීරි මාංශ උරාබොන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් දක්වන ලද්දේ අද (16) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

The post තෙල් සැපයුමේ ප්‍රශ්නයක් නැත්නම් මොකටද QR – මරික්කාර් ආණ්ඩුවෙන් අහයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here