තද පැල්ලම් සහිත ගෑස් උඳුනක් මුලුතැන්ගෙයකට ගෙනෙන්නෙ අවලස්සනක්. එවැනි ගෑස් උඳුනක් පහසුවෙන් පිරිසිදු කරගෙන දීප්තිමත් කරගන්න හැටි අපි අද බලමු
ගෑස් උඳුන කියන්නේ මුළුතැන්ගෙයක හදවත වගේ. ඔබේ පවුල අයට රසවත්ව පිරිසිදුව ආහාර සකසලා දෙන්න ඔබට උදවු වෙන ගෑස් උඳුන පිරිසිදුව තබාගැනීම සහ පවත්වාගෙන යාම හුඟක් වැදගත්. ඔබේ ගෑස් උඳුන ස්වභාවික ක්‍රම වලින් පිරිසිදුව සහ දීප්තිමත්ව තබාගන්නේ කොහොමද කියලා දැනගන්න මේ ලිපිය ඔබට ගොඩක් වැදගත් වෙයි !
ගෑස් උඳුනක් අපවිත්‍ර වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු ලෙස ආහාර පිසීමේදි තෙල් විසීවීම මඟින් තෙල් පැල්ලම් ඇතිවීම , ආහාර කැබලි වැටි ඒවා පිරිසිදු නොකිරීම මඟින් දීර්ඝකාලීන තද පැල්ලම් ඇතිවීම අපිට හඳුන්වන්න පුලුවන්.
මෙසේ දුර්වර්ණ වී අපවිත්‍ර වූ ගෑස් උඳුනක් අපට මුලින්ම සාමාන්‍ය ආකාරයට පිරිසිදු කරන්න හැකියාව තිබෙනවා.
එනම් ,පිඟන් සෝදන සබන් හෝ සබන් දියර භාවිතා කර ස්පොන්ජ් එකක් ආධාරයෙන් ප්‍රථමයෙන් අපට ගෑස් උඳුන පිරිසිදු කරගන්න පුලුවන් .
මීට අමතරව ගෑස් උඳුනෙහි ඇතිවන තද පැල්ලම් ඉවත් කිරීමට ඇති වෙනත් ක්‍රම මොනවාදැයි අපි විමසා බලමු
බේකිං සෝඩා සහ පිඟන් සේදුම් කාරක සමාන කොටස් වලට මිශ්‍ර කරන්න. තරමක් පෙණ එන පේස්ට් එකක් ලැබෙන තුරු මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය ගෑස් උඳුනේ පැල්ලම් ඇති ස්ථාන වල ආලේප කර මද වේලාවක් තබා පිරිසිදු වතුර පෙඟවූ ස්පොන්ජ් කැබැල්ලකින් පිස දමන්න.
ඔබේ ගෑස් උදුන වැඩි කාලයක් භාවිතා කිරීමට අවශ්‍ය නම් එය පිරිසිදුව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. ඔබට එය සෑම මසකම ගැඹුරින් පිරිසිදු කිරීමට අවශ්‍ය නොවන අතර, සෑම දිනකම එය පිරිසිදු කිරීමට පියවර ගන්නේ නම් ඔබට වඩා පහසු වනු ඇත.
දිනපතා කෑම පිසීමෙන් අනතුරුව තෙත ස්පොන්ජ් එකක් මඟින් ගෑස් උඳුන පිසදා වියලි රෙදි කැබැල්ලක් මගින් උඳුන පිසදා වියලා ගැනීමෙන් ඔබේ ගෑස් උඳුනේ දීර්ඝකාලීන තද පැල්ලම් ඇතිවීම වලක්වාගැනීමට ඔබට හැකියාව තිබෙනවා.
Saru FM Media