තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්‍ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට

0
5


තුසිත හල්ලොලුව මහතා ගමන් කළ මෝටර් රථය ඉලක්ක කරගනිමින් සිදු වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම, කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇති බව පොලීසිය පවසනවා. 

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ මෝටර් රථය ඉලක්ක කරගනිමින් අදාළ වෙඩි ප්‍රහාරය සිදුව තිබුණේ ඊයේ රාත්‍රියේදීයි. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් තුසිත හල්ලොලුව මහතාගේ මොටර් රථය හරස් කොට එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. 

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ එම මෝටර් රථයේ තුසිත හල්ලොලුව මහතා, ඔහුගේ නීතිඥවරයා සහ තවත් පුද්ගලයෙකු ගමන් කර තිබෙනවා. 

එම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන් කළ කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර මෝටර් රථයට අලාභ හානි සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. 

වෙඩි තැබූ පුද්ගලයන් තුසිත හල්ලොලුව මහතාට සහ මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයෙකුට පහරදීමක්ද සිදුකර තිබෙන අතර ඒ හේතුවෙන් ඔවුන් කොළඹ ජාතික රෝහළට ඇතුළත්ව තිබෙනවා. 

වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ පෞද්ගලික ලිපිගොනුවක්ද වෙඩික්කරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ. 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here