තුසිත හල්ලොලුවට වෙඩිතැබීම ගැන විමර්ශන CCDයට

0
5


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ තුසිත හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතීඥවරයා වන දිනේෂ් දොඩංගොඩ මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත බාරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ.

තුසිත හල්ලොලුව සහ ඔහුගේ නීතීඥවරයා ඊයේ (17) රාත්‍රියේ නාරාහේන්පිට, වටරවුම් පාර ප්‍රදේශයෙන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එම මෝටර් රථය පසුපස හඹා ආ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබිණි.

එහිදී යතුරුපැදිකරුවන් දෙදෙනා අහසට වෙඩිතබා මෝටර් රථය නවත්වාගෙන ඇති අතර මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඒ වනවිට මෝටර් රථය තුළ තුසිත හල්ලොලුව මහතා, ඔහුගේ නීතීඥවරයා සහ රියදුරා සිට ඇති අතර වෙඩික්කරුවන් ඔවුන්ට පහරදීමක් ද සිදුකර මෝටර් රථයේ තිබූ ලිපි ගොනුවක් ද රැගෙන පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ තුසිත හල්ඔලුව මහතා සහ ඔහුගේ නීතීඥවරයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සබැඳි පුවත් –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here