තීරුබදු ගැන කතාකරන්න සියලු පක්ෂ අද ජනාධිපති කාර්යාලයට

0
17


අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂයේ පක්ෂ නායකයින් අතර හමුවක් අද පැවැත්වෙනවා. 

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම පක්ෂ නායක හමුව අද පෙරවරු 11.00 ට පැවැත්වෙන බවයි. 

අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට මෙහිදී අපේක්ෂා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන බවයි සමගි ජන බලවේගය පැවසුවේ. 

සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගී වනු ඇති. 

විපක්ෂයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම පක්ෂ නායක හමුව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේ. 

Neth Sound · RAVI 01

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ තම පක්ෂයද මේ සඳහා සහභාගී වන බවයි. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here