තැන් දෙකක දුම්රියේ හැපී දෙදෙනෙක් ජිවිතක්ෂයට

0
2

මන්නාරම

ඊයේ (05) අළුයම් කාලයේ මන්නාරම , පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේදී තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ .
ජිවීතක්ෂයට පත් පුද්ගලයා , අවුරුදු‍ 32 ක් වූ පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියති .
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂ‍ණයෙන් පසු ඥාතීන්ට භාර දී තිබේ . මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

කඩුගන්නාව

එමෙන්ම , ඊයේ (05) සවස් කාලයේ කඩුගන්නාව , කඩුගන්නාව දුම්රියපොල ආසන්නයේදී මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියක පුද්ගලයෙකු ගැටී මියගොස් තිබේ .
එහිදී ජිවීතක්ෂයට පත් පුද්ගලයා වයස අවුරුදු‍ 27 ක් වූ කනත්තොට, අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මේ වන විට පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ . කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here