ත්‍රී’මලේ බුදු පිළිමය ගැන ඉත්තෑපානේ නා හිමිගෙන් ජනපතිට ලිපියක්!

0
4

ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කිරිම සම්බන්ධයෙන් මතු වූ ගැටලුවෙන් අනතුරුව භික්ෂුන් වහන්සේලා ඇතුළු දස දෙනකු සිරගත කිරීම සම්බන්ධයෙන් බලවත් කනස්සල්ලත් කණගාටුවත් ප්‍රකාශ කරන බව ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් පවසති.

ශ්‍රී ලංකාව අතීත රජ දරුවන් විසින් නව  වාරයක දී බුදු සසුනට පූජා කළ භූමියක් බවද මහා නා හිමියෝ කියති.

ත්‍රිකුණාමලයේ අදාල  බුදු පිළිමය තැන්පත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවේ මන්ත්‍රීවරයකු, රජයේ මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් විසින් ගොඩනගන ලද විරෝධයක් මිස වෙනත් කිසිදු ජාතිකයකු හෝ ආගමිකයකු විරෝධයක් ප්‍රකාශ කර නැතැයි ද මහා නාහිමියන් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

එම බෝධිරාජාරාම විහාරස්ථානයට ශාසනික වශයෙන් නීත්‍යනුකූල අයිතියක් බුදු පිළිමය තැන්පත් කළ භික්ෂූන් වහන්සේලාට ඇති අතර මේ වන විටත් එම ස්ථානයේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර වැඳුම් පිදුම් කරනු ලබන බව ලිපියේ සඳහන් වෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here