ඉන්ධන කෝටාව නිකුත් කරන QR කේතය ලබා ගැනීමේදී තවදුරටත් ගැටලු ඇති වන පුද්ගලයින්ට සිය ගැටලු ඉදිරිපත් කිරිමට නව WhatsApp දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව සිය ගැටලුව 0760001919 යන WhatsApp අංකයට ඉදිරිපත් කළ හැකිය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ වාහනයේ අංකය, ඒ සඳහා පැහැදිලිව සටහන් කර යොමු කර යුතු බවය.
ඊට අමතරව ජාතික හැදුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ ගුවන් ගමන් බලපත්‍රයේ පැහැදිලි ඡායාරූපයක් එවිය යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ වාහන ආදායම් බලපත්‍රයේ ඡායාරූපයක් සහ ලියාපදිංචියේ සහතිකයේ ඡායාරූපයද අදාළ WhatsApp අංකයට එවිය යුතු බවය.
ඒ සඳහා තවත් වට්ස්ඇප් අංක කිහිපයක් අද දිනයේ හඳුන්වා දෙන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක ප්‍රකාශ කර සිටී.
https://gic.gov.lk/complain-registration.html
මේ හරහා ඔබට නව WhatsApp අංකයක වෙත යොමු විය හැක
1
Saru News
















