තවත් ලේකම්වරයෙක් ඉල්ලා අස්වෙයි!

0
10


රෂිකා හෙන්නායක

පෞද්ගලික හේතුවක් මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීඇති බව වාර්තා වේ

මැයි 15 වනදා සිට තමා ලේකම් ධුරයෙන් ඉවත් වෙන බව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇති බව සඳහන් වන අතර, ඒ් අනුව ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා 2023 වසරේ මැයි 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ලැබූ අතර, පසුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට එම වර්ෂයේදීම පත්කර ගනු ලැබීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here