තවත් ජාවාරමෙකුගේ ගෝලයෙක් කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

0
14


රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශ ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන අයිඩි නැමැත්තාගේ සමීපතමයෙක් බව ‍පොලිසිය සඳහන් කරයි.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගල්කිස්ස සේරම් පාරේදී සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here