06 වැනි ලෝක සංස්කෘතික උරුමයන් පිළිබඳ තරුණ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසු සිසුවියන් පිරිස අද උදෑසන යළි දිවයිනට පැමිණියා
යුනෙස්කෝ සංවිධානය විසින් සංවිධානය කර තිබූ මෙම සමුළුව ග්‍රීසියේ ඇතැන්ස් නුවර පසුගිය 03/26 දින සිට 03/30 දක්වා ලෝකයේ රටවල් 14 ක තරුණ සිසුන් 450 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වුණා
එහිදී මෙම සමුළුව සඳහා සහභාගී වූ ගාල්ල සංඝමිත්තා සහ නුගේගොඩ ලයිසියම් පාසැල්වල යුනෙස්කෝ සමාජ නියෝජනය කරන සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ වෙස් නර්තනයන් , 18 සන්නිය , මොනර නැටුම් , ගැමි ගී ගායනා ඇගයීමට ලක්වීම විශේෂත්වයක්
මෙසේ ඇගයීමට ලක් වූ සිසු සිසුවියන් පිරිස අද (31) උදෑසන 08.50 ට බහරේන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීම සඳහා එම සිසුන්ගේ දෙමාපියන් ඇතුලු විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා
Saru FM Media