තරුණියකගේ මෘත ශරීරය රෝහල් මෝචරියේදී දූෂණය කරලා

0
4

දික්ඔය මූලික රෝහලේ මෝචරියේ තිබූ තරුණියකගේ මෘත ශරීරයක් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනකු විසින් දූෂණය කර ඇති බව කියමින් වතු කම්කරුවන් පිරිසක් එම රෝහල් පරිපාලනයට එරෙහිව ඊයේ (03) උද්ඝෝෂණයක නිරත විය.

මෙසේ දූෂණය කර ඇත්තේ එම රෝහලේ පෂ්චාත් මරණ පරීක්ෂණය සදහා තබා තිබූ වයස අවුරුදු 23ක තරුණියකගේ මෘත ශරීරයකි.

හැටන් පොලිස් වසමට අයත් ඇබෝස්ලි වතුයායේ පදිංචිව සිටි එස්. හරිනි නමැති 23 හැවිරිදි තරුණ මව පවුල් ආරවුලක් හේතුවෙන් පසුගිය 23 වැනිදා සිය දිවි හානි කර කරගෙන ඇත.

පසුව හැටන් පොලිසියේ නිලධාරින් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සිරුර එදින රාත්‍රියේ දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබිණි.

එදින අලුයම මෘත ශරීරාගාරයට ඇතුළු වූ එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයන් තිදෙනකු මෘත ශරීරාගාරය වෙත ගොස් එහි ඉබි යතුරු කඩා මෘත ශරීරයේ තිබු ඇඳුම් ගලවා ඇති බවට එම රෝහලේ මෘත ශරීරාගාරයේ භාර කරු විසින් දික්ඔය මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කර ඇත. 

එම සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය තරුණියගේ ඥාතීන් විසින් රෝහල් පරිපාලයෙන් කරුණු විමසා ඇත.

එම සිද්ධියට මේවන තෙක් රොහලේ පාලන අධිකාරිය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසමින් වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිතියක ප්‍රාදේශීය නායකයන් සහ වතු කම්කරුවන් පිරිසක් දික්ඔය මුලික රෝහල ඉදිරිපිට හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ඊයේ (03) උදෑසන උද්ඝෝෂණයක් පැවැත්වූහ. 

එම උද්ඝෝෂකයන් නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරයා සහ රෝහලේ පාලන අධිකාරිය විසින් පැමිණ තමන් හමුවේ කරුණු දක්වන ලෙසයි.

එම ඉල්ලීම අනුව නෝර්වුඩ් පොලිසියේ ස්ථානාධිපතිවරයා දික්ඔය මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එස්. ෆසීල් උද්ඝෝෂකයන් හමුවට පැමිණ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනගත් විගසම රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී රෝහලේ කාර්ය මණ්ඩලයේ තිදෙනකු (24) අලුයම මෘත ශරීරාගාරය වෙත ගොස් පැමිණෙන අයුරු දත්ත ගබඩාවේ සටහන් වී තිබූ බවයි .

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කණ්ඩායමක් පත් කර ඇති අතර , එම කණ්ඩායම විසින් (03) එහි විමර්ශන කටයුතු ආරම්භ කර ඇත..

එම පරීක්ෂණය අපක්ෂපාතීව සිදු කරන බවත්, තම රෝහලේ සේවකයන් යම් වරදක් සිදු කර ඇත්නම් එයට උපරිම විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් රෝහල් අධ්‍යක්ෂවරයා උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියේය. 

පවත්නා තත්ත්වය මත රෝහලේ ප්‍රතිකර සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබද ගැටලුවක් පවත්න බවත්, සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් සිදු කරන පරීක්ෂණය සම්බන්ධයෙන් තමන්ට විශ්වාසයක් නොමැති බවත්, ඒ අනුව මෙහි විමර්ශන කටයුතු පොලිසිය විසිනුත් සිදු කළ යුතු බවත් මෙහිදි උද්ඝෝෂකයෝ කියා සිටියහ.

එම සිද්ධියට සම්බන්ධ රෝහල් කාර්ය මණ්ඩලයේ තිදෙනා පොලිස් භාරයට ගෙන විමර්ශන කටයුතු සිදු කරන ලෙසට උද්ඝෝෂකයන් කළ ඉල්ලීම අනුව රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ, තමන් මේ සම්බන්ධයෙන් හැටන් පොලිසියට ගොස් පැමිණිල්ලක් කර සේවකයන් තිදෙනා අත්අඩංගුව ගන්නා ලෙස පොලිසියේ ඉල්ලීමක් කරන බවයි.

මිය ගිය කාන්තාවගේ සිරුර යළි ගොඩගෙන සිද්ධිය සම්බන්ධයෙන් යළිත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට මියගිය තරුණියගේ ඥාතීන් ඉල්ලීමක් කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here