තම වැසියන්ගේ ලේ හෙල්ලූ වරදට පළි ගන්නා බවට අගමැති ෂෙබාස්ගෙන් ප්‍රතිඥාවක්

0
5


ත්‍රස්තවාදය උලුප්පා දක්වමින්, තම රටේ වැසියන්ට නිරපරාදේ ප්‍රහාර එල්ල කරමින්, ඔවුන්ව පීඩාවට ලක් කිරීම මෙන් ම ජීවිතක්ෂයට පත් කිරීමට එරෙහිව පළි ගන්නා බව පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහතික කර තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ ඉන්දියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර ද එල්ල කරමින් සිටින අතර කාශ්මීරයට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව හමුදා භටයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මෙම සිදුවීම් දාමය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාකිස්තාන අගමැතිවරයා පවසා ඇත්තේ මෙවැන්නක්;

“අපේ අහිංසක‍ දිවි පිදූවන්ගේ ලේවලට අපි පළිගන්නෙමු” යනුවෙන්.

ඉන්දීය සහ පාකිස්තානයේ කාශ්මීරය වෙන් කරන පාලන රේඛාව ඔස්සේ කාලතුවක්කු වෙඩි හුවමාරුවක් ද වාර්තා වී තිබෙනවා.

පකිස්ථාන වෙඩි තැබීම් හේතුවෙන් ඉන්දීය පරිපාලනය තුළ අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දියාව ද පවසනවා.

සින්දූර් මෙහෙයුම” “ත්‍රස්තවාදී” යටිතල පහසුකම් ඉලක්ක කරගත් බව ඉන්දියාව නිවේදනය කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here