තණමල්විල ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

0
16


තණමල්විල ප්‍රදේශයේ මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විලසූරියආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 470ක් සහ රුපියල් එක්ලක්ෂ 25,000ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරු තණමල්විල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙක්. ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here