කාන්තාවක් විදිහට ඔබ දැනුවත්ව සිටිය යුතුම සෞඛ්‍ය ගැටළුවක් වන ඩිම්බ කෝෂ වල ගෙඩි නිසා ඇතිවෙන සංකූලතා ගැන කතා කරන්නයි smart lady අපි අද සූදානම් වෙන්නෙ.
ඔබේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු අපහසු කරන, මානසික සහ ශාරීරික පීඩාවන් ඇති කරන, දරුඵල ප්‍රමාද කිරීම් සහ පිළිකා වැනි තත්වයන් දක්වාද වර්ධනය වෙන්න පුළුවන් ඩිම්බ කෝෂ ගෙඩි සහ ඒවා නිසා ඇතිවෙන සංකූලතා සහ රෝග ලක්ෂණ ගැන ඔබේ අවබෝධය ඉතාම වැදගත් වන්නේ, මුල සිටම හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් සැළසෙන වාසි නිසාමයි.
එහෙනම්, අපි මුලින්ම බලමු ඩිම්බ කෝෂ ගෙඩි කියන්නෙ මොන වගේ තත්වයකටද කියල?
ඩිම්බ කෝෂ ගෙඩි යනු මොනවාද?
ඩිම්බ කෝෂ ගෙඩි යනු, ඔබේ ඩිම්බ කෝෂ තුළ හෝ ඒ මත ඇති වෙන්න පුළුවන්, තරල වලින් සම්පූර්ණයෙන් පිරුණු හෝ අර්ධ ඝන තත්වයෙන් ඇති මල්ලක් / සාක්කුවක් එහෙමත් නැත්නම් අවකාශයක් විදිහට හඳුනාගන්න පුළුවන්.
ඔබ ආර්තවහරණ තත්වයට පත්වී නැත්නම් හෝ ගර්භණී නම් ඩිම්බ කෝෂ වල ගෙඩි දකින්න ලැබීම ඉතාම සුලබ තත්වයක්.
ඔබේ ඔසප් චක්‍රය තුළදී සාමාන්‍යයෙන් ඇතිවෙන්න පුළුවන්, සතියක් හෝ දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ඉබේම ඉවත්ව යන්න පුළුවන්, කිසිදු සංකූලතාවයක් හෝ රෝග ලක්ෂණයක් ඇති නොකරන ඩිම්බ කෝෂ වල ගෙඩි ඇත්තෙන්ම ස්වභාවිකයි.
නමුත්, කෙටි කාලයක් තුළදී ඉවත්ව නොයන, ටිකෙන් ටික ප්‍රමාණයෙන් විශාල වන, ලේ ගැලීමට හෝ වේදනාවට හේතුවෙන ඩිම්බ කෝෂ වල ගෙඩි ඇතිවීම නම් මේ ස්වභාවික තත්වයෙන් බැහැර ප්‍රතිකාර ලබාගත යුතු සෞඛ්‍ය ගැටළුවක් බවට හඳුනාගන්න පුළුවන්.
මේ තත්වය ප්‍රධාන ආකාර 02 කින් ඇතිවීම හඳුනාගන්න පුළුවන්.
Follicle cyst
එක් ඔසප් චක්‍රයකදී ඩිම්බ කෝෂ වලින් එක ඩිම්බයක් / බිත්තරයක් නිකුත් කරන බව ඔබ දන්නවනේ.
එම බිත්තරය follicle නමින් හඳුන්වන මල්ලක් වැනි ව්‍යුහයක් තුළ වර්ධනය වීම සිදුවෙනවා.
ඩිම්බ මෝචනය සිදුවෙන විට සාමාන්‍යයෙන් මේ මල්ල විවෘත වී ඩිම්බය/ බිත්තරය ඉවතට පැමිණීම සිදුවෙන නමුත්, මේ follicle මල්ල විවෘත නොවී දිගින් දිගටම වර්ධනය වන විට follicle cyst වර්ගයේ ඩිම්බ කෝෂ ගෙඩි ඇතිවීම සිදුවෙනවා.
Corpus luteum cyst
ඩිම්බ මෝචනයේදී අදාළ follicle මල්ල තුළ ඇති බිත්තරය නිදහස් කිරීමෙන් පස්සේ සාමාන්‍යයෙ follicle මල්ලි හැකිළී හෝමෝන වර්ග නිපදවීමත් ආරම්භ කරනවා. මේ අවස්ථාවේ follicle මල්ල corpus luteum නමින් හඳුන්වනවා.
නමුත්, බිත්තරය මුදා හැරීමට ඇතිවූ විවරය යම් යම් හේතූන් නිසා අවහිර වී ඇත්නම් ඇතුළත ඇති තරලය ඉවතට නොයාමෙන් එම තරලයෙන් පිරුණු ගෙඩියක් ඇතිවීම සිදුවෙන්න පුළුවන්. මේ තත්වය corpus luteum cyst වරගයේ ඩිම්බ කෝෂ ගෙඩි ලෙස හඳුන්වනවා.
මීට අමතරව,
ඩිම්බ කෝෂ වල බිත්තර නිපදවන සෛල වලින් ඇතිවෙන සහ හිසකෙස්, සම, දත් වල පටක කොටස් ගර්භාෂය තුළ තැම්පත් වී ඇතිවෙන dermoid cyst වර්ගයේ,
ඩිම්බ කෝෂය ආවරණය කරන සෛල වලින් ඇතිවෙන තරල වලින් පිරුණු අනෙකුත් ගෙඩි වලට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල cystadenoma වර්ගයේ,
දුඹුරු පැහැ තරල වලින් පිරුණු මුත්‍ර මාර්ගයේ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන පටක වර්ග ඉන් පිටත එහෙමත් නැත්නම් ඩිම්බ කෝෂ වල වර්ධනය වීමෙන් ඇතිවෙන endometrioma වර්ගයේ සහ
ඉතාම කලාතුරකින් පිළිකා නිසා ඇතිවෙන ovarian cancer වර්ගයේ ඩිම්බ කෝෂ ගෙඩි ඇතිවීමේ තත්වයන්ද හඳුනාගන්න පුළුවන්.
ඊළඟට අපි බලමු ඩිම්බ කෝෂ වල ගෙඩි නිසා ඇතිවෙන රෝග ලක්ෂණ මොනවද කියල?
රෝග ලක්ෂණ
ශ්‍රෝණිය / යටි බඩ / කොන්දේ පහළ ප්‍රදේශයේ වේදනාව,
බඩ පිපීම සහ පිරී ඇති බව දැනීම,
ඔක්කාරය,
බඩ ප්‍රදේශයේ ඉදිමුම,
ලිංගික කටයුතු වල යෙදීමේදී ඇතිවෙන වේදනාව,
ඔසප් වීමේදී ඇතිවෙන දැඩි වේදනාව සහ
නිතර මුත්‍රා කිරීමේ සහ මළපහ කිරීමේ අවශ්‍යතාවත්
Saru FM Media