ඩෑන් ප්‍රියසාද් මියගොස් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

0
11


ඊයේ (අප්‍රේල් 22) වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් නමැත්තා මියගිය බව මුලින් සඳහන් වුවත් ඔහු මියගොස් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.

ඒ අනුව, වෙඩිවැදුණු ඩෑන් ප්‍රියසාද් මේ වනවිට අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 09.10 ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ නිවසක සිටියදී ඩෑන් ප්‍රියසාද්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබිණි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

වෙඩිවැදීමෙන් ඩෑන් ප්‍රියසාද් මරණයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය මුලදී මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණු අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව පැවසුවේ ඔහු මියගොස් නොමැති බවත් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ය.

සිද්ධියෙන් තවත් පුද්ගලයකු සුළු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් සඳහන්.

වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here