සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
ඒ, අදාළ සැකකරු අද (03) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරුව 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය වෙත අවසර ලබා දී තිබෙනවා.
එමෙන්ම මෙම අපරාධයේ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරියේ දී ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කරනු ලැබුවා.
කොළඹ, කුරුඳුවත්ත ප්‍රදේශයේ දී අදාළ සැකකරු ඊයේ (02) බස්නාහිර පළාත් දකුණ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු, ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධියේ ද සැකකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.
52 හැවිරිදි බන්දුල පියල් නැමැති අදාළ පුද්ගලයා වෑබඩ, වෑබඩ උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඩෑන් ප්‍රියසාද් කොළොන්නාව, සාලමුල්ල මහල් නිවාස සංකීර්ණයේ දී පසුගිය අප්‍රේල් 22 වනදා රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කෙරුණා.
Saru FM Media