ඩෑන් ප්‍රියසාද්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

0
11


වැල්ලම්පිටිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා.   

ඒ, කොළොන්නාව පොදු සුසාන භූමියේදීයි. 

වැල්ලම්පිටිය, “ලක්සඳ සෙවණ” මහල් නිවාස සංකීර්ණයේ හයවන මහලේ තවත් කිහිප දෙනෙකු සමඟ සාදයකට එක්ව සිටියදී ඩෑන් ප්‍රියසාද් පසුගිය    22 වනදා රාත්‍රී 09.10ට පමණ වෙඩි ප්‍රහාරයට ලක් වුණා. 

එම නිවාස සංකීර්ණයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඔහුට වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ. 

තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදින රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වුණා. 

එම වෙඩි තැබීමට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. 

මේ අතර ඩෑන් ප්‍රියසාද්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය දින කිහිපයේදී දේශපාලඥයින් පිරිසක් ද එක්ව සිටියා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here