ඩයගමදී අතුරුදහන් වූ තරුණියගේ මළ සිරුර කොත්මලේ ජලාශයෙන් හමුවෙයි

0
13


ඩයගම ප්‍රදේශයේදී අතුරුදහන් වූ තරුණියගේ මළ සිරුරක් ඉහළ කොත්මලේ ජලාශයේ තිබී හමුවී තිබෙනවා.

එලෙස හමුවී ඇත්තේ ඩයගම පොලිස් වසමේ ආගරපතන, පෝඩ්මෝර් වතුයායේ පදිංචිව සිටි 21ක් හැවිරිදි තරුණියගේ සිරුරක් බවයි තලවකැලේ පොලිසිය පැවසුවේ.

එම තරුණිය දින තුනක පමණ සිට සිය නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇගේ ඥාතීන් විසින් ඩයගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලේ සඳහන් වන්නේ ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් අදාළ තරුණිය සිය නිවසින් අතුරුදහන්ව ඇති බවයි.

ජලාශයේ තිබී සොයාගත් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඩයගම පොලිසිය මගින් විමර්ශන සිදු කරනු ලබනවා.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here