ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා හි පිහිටි නිවසට අනවසරයෙන් අතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි

0
4

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ෆ්ලොරිඩා හි පිහිටි ‘මාර්-අ-ලාගෝ’ (Mar-a-Lago) නිකේතනයේ අධි ආරක්ෂිත කලාපයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ සන්නද්ධ පුද්ගලයෙකු ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

අද (22) එරට වෙලාවෙන් අලුයම 1:30 ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

මියගිය පුද්ගලයා උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පදිංචි 21 හැවිරිදි ඔස්ටින් ටකර් මාර්ටින් ලෙස හඳුනාගෙන ඇත.

ඔහු මීට දින කිහිපයකට පෙර අතුරුදහන් වී ඇති බවට පවුලේ අය විසින් වාර්තා කර තිබු බවද සඳහන් වේ.

පරීක්ෂකයින් පවසන පරිදි, නිකේතනයේ උතුරු දොරටුවෙන් වාහනයක් පිටතට යන අවස්ථාවේදී සැකකරු විසින් සිය රිය ධාවනය කරමින් අධි ආරක්ෂිත කලාපයට තුළට ඇතුළු වීමට උත්සහා කර ඇති බව සඳහන් වේ.

ඔහු සතුව  shotgun වර්ගයේ ගිනි අවියක් සහ ගෑස් කෑනයක් තිබී ඇති අතර, අදාළ ගිනි අවියේ අසුරණය ඔහුගේ රථය තුළ තිබී සොයාගෙන ඇත.

ඔහු අත තිබූ ආයුධ බිම තබන ලෙස නියෝග කළත්, ඔහු ගෑස් කෑනය බිම තබා ගිනි අවිය වෙඩි තැබීමේ ඉරියව්වට ඔසවා තිබේ. එම අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරීන් ඔහුට වෙඩි තබා තිබේ.

සිදුවීම වන අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානියා Mar-a-Lago නිකේතනයේ රැඳී නොසිටි අතර, ඔවුන් වොෂින්ටනයේ ධවල මන්දිරයේ සිට ඇති බව සඳහන් වේ.

මීට පෙර ද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අසාර්ථක ඝාතන තැත් දෙකක් සිදු විය.

එමෙන්ම ජනපති ට්‍රම්ප්ව ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවෙකු වන රයන් රවුත් නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය.

මියගිය පුද්ගලයාගේ මානසික තත්ත්වය සහ මෙම ක්‍රියාවට පෙළඹවූ හේතුව පිළිබඳව එරට ආරක්ෂක අංශ විසින් දීර්ඝ පරීක්ෂණ පවත්වමින් සිටින බව සඳහන් වේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here