ට්‍රම්ප්ගේ බදු නිසා අමෙරිකානු කොටස් වෙළඳපොළ දෙවන දිනටත් කඩාවැටේ

0
20


අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් එරට කොටස් වෙළඳපොල දෙවන දිනටත් පහත බැස තිබෙනවා.

එය කොවිඩ් වසංගතයෙන් පසු අමෙරිකානු කොටස් වෙළෙඳපොල මුහුණ දුන් අහිතකරම තත්ත්වයක් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඒ අනුව අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළේ දර්ශක කිහිපයක්ම සියයට 5කට වඩා පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

වසර පහක් තුළ සිදු වූ දරුණුතම කඩා වැටීම මෙය වන අතර එම තත්ත්වය ජර්මනිය, ප්‍රංශය යන රටවල කොටස් වෙළඳපොළ සඳහාද බලපා තිබෙනවා.

කෙසේවෙතත් මෙම ප්‍රතිපත්ති බොහෝ රටවල් ආර්ථික අවපාතයකට ඇද දැමිය හැකි බවයි විශ්ලේෂකයන් අනතුරු අඟවා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති කෙයර් ස්ටාර්මර් විදේශ නායකයින් සමඟ සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.  

බ්‍රිතාන්‍ය අගමැතිවරයා මේ වන විටත් ඕස්ට්‍රේලියානු සහ ඉතාලි නියෝජිතයන් සමඟ සාකච්ජා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here