ට්‍රම්ප්ගේ බදුවලට එරෙහිව අමෙරිකාවෙන් ප්‍රබල නඩුවක්

0
15


ලොව පුරා දැඩි කතාබහක් ඇති කර තිබෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ බදුවලට එරෙහිව අමෙරිකාව තුළින්ම ප්‍රබල නඩුවක් ගොනු කර තිබෙනවා. 

මෙම නඩුව ගොනු කර ඇත්තේ කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා විසින්. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ බදුවලට එරෙහිව අමෙරිකාවේ ප්‍රාන්තයක් විසින් නඩු පවරා ඇති පළමු අවස්ථාව මෙයයි. 

කෙසේවෙතත් ධවල මන්දිරය විසින් කැලිෆෝනියා ප්‍රාන්ත නඩුව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබෙනවා. 

ධවල මන්දිර ප්‍රකාශක කුෂ් දේසායි පැවසුවේ ”කැලිෆෝනියාවේ පැතිර යන අපරාධ සහ නිවාස නොමැතිකම වැනි ගැටලු කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට, ජාතික හදිසි අවස්ථාවක් විසඳීමට ජනාධිපති ට්‍රම්ප් දරන ඓතිහාසික උත්සාහය අවහිර කිරීමට කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා කටයුතු කරන බවයි. 

කැලිෆෝනියාව යනු ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය හිමි ප්‍රාන්තයයි. 

අමෙරිකාවේ නිෂ්පාදන සහ කෘෂිකාර්මික නිෂ්පාදනයේ විශාලතම පංගුව හිමි වන්නේද කැලිෆෝනියාවටයි. 

කැලිෆෝනියාව යනු අමෙරිකාවේ වැඩිම ජනගහනයක් ජීවත්වන ප්‍රාන්තය ද වනවා. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here