ජෝර්දාන විසින් එරට ගුවන් කලාපය යළි විවෘත කරන බව නිවේදනය කර තිබේ.
පසුගිය සඳුදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ගුවන් කලාපය අර්ධ වශයෙන් වසා තැබීමේ තීරණය මෙලෙස ඉවත් කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ, සියලුම අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව සිදු කරන ලද ගැඹුරු අවදානම් තක්සේරුවකින් පසුව මෙම තීරණය ගත් බවය.
කලාපීය ගැටුම් උත්සන්න වීමත් සමඟ ආරක්‍ෂක පියවරක් ලෙස ජෝර්දානය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණි.
Saru News
















