ජොන්ස්ටන්,පුත්‍රයින් දෙදෙනා ඇතුළු පස්දෙනාට අදත් ඇප නෑ!

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත්‍රයින් දෙදෙනා සහ තවත් සැකකරුවෙකු එළඹෙන මාර්තු 06වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

එමෙන්ම මෙම චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු එළඹෙන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර ඇත.

තවද වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් කොළඹ මහාධිකරණයේ ගොණු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙ‍ෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත.

සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

The post ජොන්ස්ටන්,පුත්‍රයින් දෙදෙනා ඇතුළු පස්දෙනාට අදත් ඇප නෑ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here