ජින්තුපිටියේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පුද්ගලයින් 4 දෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු, අදාළ අපරාධයෙන් පසු වෙඩික්කරු ගිනිඅවිය ද රැගෙන පලාගිය ත්‍රීරෝද රථයේ රියැදුරු බවත් සැකකාරිය ඔහුට සහාය දක්වා ඇති බවත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ඉකුත් 14 වැනිදා මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඊට අනුව ඊයේ (27) දින කඩවත, සුරියපාළුව ප්‍රදේශයේදී හා වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලිසිය සඳහන් කළේ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 540 ක් සමඟ සැකකරු හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 100ක් සමඟ සැකකාරිය අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබූ බවය.
සැකකරු අවුරුදු 44ක් හා සැකකාරිය අවුරුදු 29 ක් වන සේදවත්ත හා වෙහෙරගොඩැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
සැකකරු හා සැකකාරියට දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇත.
වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Saru News
















