
රජයේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නයක් ලෙස බිම් මට්ටමේ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා (පී.වී.) බලාගාර වලින් මෙගාවොට් 152ක විදුලිය ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
2023-2042 දිගුකාලීන ජනන ව්‍යාපෘති සැලැස්මට අනුව වර්ෂ 2030 වන විට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම රජයේ ප්‍රතිපත්තිය වන අතර, මෙම තීරණය එම ඉලක්කය කරා ළඟා වීමේ වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.
අනාගත විදුලි ඉල්ලුමේ ක්‍රමික අඩුවීම සහ පෙෞද්ගලික ගොඩනැගිලි වහල මත සවි කරනු ලබන සූර්ය බලශක්ති පද්ධති ධාරිතාවය මෑත කාලයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා, රට පුරා ග්‍රිඩ් උප පොලවල් 18ක් සඳහා මෙගාවොට් 152ක භූමිය මත ඉදි කෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා ධාරිතාවක් හඳුනාගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව, මෙම මෙගාවොට් 152ක සමස්ත ජාල ධාරිතාව ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය සඳහා පමණක් වෙන් කිරීමට තීරණය කර ඇත. මෙම ව්‍යාපෘති “ඉදි කිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම” (Build, Own and Operate) යන පදනම මත ව්‍යාපෘති සංවර්ධකයින්ගෙන් විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා යෝජනා කැඳවීම මගින් ලංසු කැඳවීමේ ක්‍රියාවලිය ඇරඹීමටද අනුමැතිය ලැබී තිබේ.
බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වැඩි දියුණු කිරීමේ ජාතික උපාය මාර්ගයේ කොටසක් වන අතර, මෙමගින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ ජාත්‍යන්තර ඉලක්ක සපුරාලීමට දායක වීමද අපේක්ෂා කෙරේ.
Saru FM Media