ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද සිට ඇරඹෙයි

0
5

මෙරට 05 වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද ( 10) ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර තිබේ.

විවිධ රටවල මුඛ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10 කට වරක් වත් ජාතික මට්ටමේ මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදු කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) නිර්දේශ කර ඇත.

ඒ අනුව අද ( 10) සිට සිට නොවැම්බර් මස දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාසැල් සිසුන්ගේ හා වැඩිහිටි වයස් කාණ්ඩ වල අහඹු ලෙස තෝරා ගත් 10,000 ක නියැදියක දත්ත එකතු කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැළසුම් කර තිබේ.

මෙහිදී පාසල් ළමුන්ගේ දත්ත පාසල් පරිශ්‍රයන් තුළ දී මෙන්ම වැඩිහිටියන්ගේ දත්ත නිවෙස් වෙත ගොස් ලබා ගැනීමට නියමිත අතර, එහිදී මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කර ගැනීමටත්, මුඛ සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරීමටත් නියමිතය.

මෙම සමීක්ෂණයේ දී ලබාගන්නා දත්ත ඉදිරි සේවා සැළසුම් කිරීම අතිශය වැදගත්වන බැවින් ඉහත සමීක්ෂණ කටයුතු සඳහා නිවෙස් වෙත සහ පාසල්වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

📌 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here