ජාතික ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරීවරයා රිමාන්ඩ්

0
3

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු (පාරිභෝගික හා වත්කම් කළමණාකරණ තනතුර ආවරණ) සහ ව්‍යාපාරිකයෙකු දූෂණ වරද සහ දූෂණ වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් යොදවා තිබිය දී එම මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදලින් කුලී ගෙවීමේ පදනම මත ටොයෝටා ප්‍රාඩ්‍රෝ (Toyota Prado) වර්ගයේ (SUV) ජීප් රථයක් කුලී පදනම මත ලබාගෙන තිබේ.

එම වාහනය කුමන කටයුත්තක් සඳහා ධාවනය කළාද යන්න පිළිබඳව තහවුරු කරගැනීමකින් තොරව, කුලී මුදල් වශයෙන් රු.12,750,000/- ක පමණ මුදලක් ගෙවීමට කටයුතු කිරීමෙන් රජයට පාඩුවක් සිදු කල බව එල්ල වී ඇති චෝදනාවකි.

පී.එන් ඔටෝ හෝල්ඩින් නැමැති ආයතනයෙන් එකී වාහනය සපයා ගැනීමේ අරමුණින් ප්‍රසම්පාදන රීති නොසලකා හරිමින් කටයුතු කර එම ආයතනය වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කටයුතු කර වාහනය නිසි ලෙස භාරගැනීමක් සිදු නොකර සැපයුම්කරුට මුදල් ගෙවීමෙන් සැපයුම්කරුට අයුතු වාසියක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සහ එම වරද සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු (පාරිභෝගික හා වත්කම් කළමණාකරණ තනතුර ආවරණ) සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

සැකකාර අතිරේක සාමාන්‍යාධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අදාළ ආයතනයේ වසර තිස් දෙකක සේවා කාලය සම්පූර්ණ කළ අයකු බැවින් ඔහු නුදුරේදීම විශ්‍රාම යාමට නියමිත බවය.

මෙම විමර්ශන පැවැත්වෙන අතරතුර සිය සේවා දායකයා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුවන්ට ඇප මත මුදා හරින ලෙසයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන විසි වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here