‘‘ජාතික ජනමාධ්‍ය වේදිකාව’’ විසින් පැවැත් වූ ‘‘ කළු ජනවාරියේ ඒකාබද්ධ හඩ’’ පසුගියදා මරදාන සමාජය හා සාමයික කේන්ද‍්‍රයේදී මාධ්‍ය සංවිධාන 23ක නියෝජිතයින්ගෙන් සහ සමාජ මාධ්‍ය සංවිධාන, මාධ්‍යවේදීන් හා මාධ්‍ය ක‍්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.
මෙහි අරමුණ වූයේ උතුරථ දකුණථ නැගෙනහිර, බටහිර හා කදුකරයේ ඇති සියලුම මාධ්‍ය සංවිධාන එන වේදිකාවකට ගෙන එමින් මරාදැමූ, අතුරුදන් කළ හා පහරදී අත් අඩංගුවට ගත් මාධ්‍යවේදීන් හා ගිනි තැබූ මාධ්‍ය ආයතන සියල්ල වෙනුවෙන් යුක්තිය ලබා ගැනීමය.
එහිදී එකී යුක්තිය ලබා ගැනීම වෙනුවෙන්,
01.මාධ්‍යවේදින්ට හා මාධ්‍ය ආයතන සදහා යුක්තිය ලබා ගැනීමට හා සත්‍යය සෙවීම සදහා බලතල සහිත විශේෂ කොමිසමක් පත් කරන ලෙසත්
02.ආරක්ෂක අංශවල දූෂණයට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධව විමර්ශනයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම්කොට නිල ඇදුමේ ගරුත්වය රැකෙන පරිදි ආරක්ෂක අංශ නැවත ප‍්‍රතිසංවිධානය කරන ලෙසත්03. පක්ෂග‍්‍රාහී නීතිපතිවරයා ඉවත්කර නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් බවට පත් කරන ලෙසත්
04. මාර්ගගත සුරක්ෂණ පනත ඉවත් කරන ලෙසත්
05. මාධ්‍යවේදීන්ගේ ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුකර ඔවුන්ගේ ඔවුන්ගේ සමාජ සුරක්ෂණභාවය ඇති කරන ලෙසත් ඉල්ලා පෙත්සමක් අත්සන් කිරීමක්ද සිදු කරන ලදී.
රට පුරා නගර 15 ක මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීමෙන් මෙම පෙත්සම රටපුරා අත්සන්කරමින් ජනාධිපතිවරයා අතර පත් කිරීමටද නියමිතය.
එසේම මරාදැමූ හා අතුරුදන් කළ මාධ්‍යවේදීන්ව මල් හා පහන් තබා සිහිකිරීමක්ද මෙහිදී සිදු වූ අතර ඉන්පසු ඔවුට යුක්තිය ඉල්ලා නිහඩ විරෝධයද පැවැත්වීය.
මෙම මාධ්‍ය සංවිධාන එකමුතුව සංවිධානය කළ ‘‘ජනමාධ්‍ය සමාජය’’ ඒකාබද්ධ මාධ්‍ය සංවිධාන එකමුතුවේ කැදවුම්කරු මාධ්‍යවේදී තිළිණ අලහකෝන් මහතා සභාව අමතමින් විවධ අරමුණු හා න්‍යායපත්‍ර තිබුණත් අඩුම තරමින් යුක්තිය අහිමි වූ මාද්‍යවේදීන් වෙනුවෙන්වත් අපි සියල්ලන්ට එකම වේදිකාවට එක් වීමට හැකි බවත් එමගින් ජනමාධ්‍ය සමාජයක් ලෙස අපට පොදු සතුරන්ට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමට හැකි බවත් පැවසීය.
මෙම වැඩසටහනට තරුණ ජනමාධයවේදීන්ගේ සංගමයේ සභාපති මාධ්‍යවේදී තරිදු ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග, සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ විධායක අධ්‍යක්ෂ ගරු රොහාන් සිල්වා පියතුමා, ශ‍්‍රී ලංකා වෘත්තීය යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ සංගමයේ සභාපති ශ‍්‍රී නිශ්ශංක මායාදුන්නේ, වතු කම්කරුවන්ගේ ප‍්‍රජා මාධ්‍ය සංසදයේ ජාතික සංවිධායක විනොද් සුන්දර් ද අදහස් දැක්වීය.













Saru News






