ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

0
11

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ආරංචිමාර්ග සඳහන් කළේ, අදාළ තනතුරේ කටයුතු කිරීමේදී අවශ්‍ය සහයෝගය නොලැබීමෙන් උද්ගතවූ ගැටලු හේතුවෙන් ඇය මෙසේ ඉල්ලා අස්වී ඇති බවයි.

ජාතික කාන්තා කොමිසම පිහිටුවනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙරදී වන අතර රමණී ජයසුන්දර මහත්මිය එහි පළමු සභාපතිනිය වශයෙන් පත් කෙරිණි. කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව 07 දෙනෙකි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඔවුන් බලගැන්වීම සඳහා මෙම කොමිසම පිහිටුවනු ලැබිණි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here