ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිතයන් පිරිසක් කථානායක හමුවෙයි

0
14


ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයන් පිරිසක් පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හමුවුණා.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී Séverine Chappaz, ශ්‍රී ලංකා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සන්නිවේදන කළමණාකරු රුවන්ති ජයසුන්දර, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සමිති සම්මේලනයේ දකුණු ආසියානු නියෝජිත ප්‍රධානි John Entwistle සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර ඇතුළු පිරිසක් මෙම හමුව සදහා එක්වුණා.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ක්‍රියාකාරිත්වය සහ එමගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා එහි දායකත්වය ලබා දිය හැකි ආකාරයන් පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වැඩමුළුවක් පැවැත්වීම පිළිබද සාකච්ඡා කිරීම මුලික අරමුණ විය.

ශ්‍රී ලංකාවේ ජාතික සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන නව ප්‍රතිපත්ති සහ දසවන පාර්ලිමේන්තුව මගින් ළඟා කරගෙන ඇති නව දේශපාලන සංස්කෘතික ජයග්‍රහණ පිළිබඳවත් මෙහි දී දෙපාර්ශ්වයේ අවධානයට යොමු විය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here