වැඩ කරන පැය ගණන සීමා කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක්නුවරදී 1908 වසරේදී පැවැති පා ගමනකින් පසු පළමු වරට ප්‍රකාශයට පත් කළ ජාතික කාන්තා දිනය පසුව එය ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට පත් විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයද 1975 වසරේදී එය නිල වශයෙන් පිලිගනු ලැබී ය.
කාන්තාව ලෝක ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් දක්වන අතර මෙරට ප්‍රධාන ආදායම් මාර්ග වන විදේශ රැකියා, තේ, ඇගළුම් කර්මාන්තවල සහ ස්වයංරැකියාවල නිරත වන්නන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවෝ වෙති.
ඇතැම් රටවල ජාතික නිවාඩු දිනයක් ලෙසද අද දිනය නම් කර ඇති අතර කාන්තාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.
මෙවර රාජ්‍ය කාන්තා දින සැමරුම මාතරදී පැවැත්වීමට සංවිධානය කර තිබේ.
1
Saru News
















