කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේදී ටයිල් අඩංගු කන්ටේනර් දෙකක් ඊයේ (18) කඩා වැටීමෙන් එහි තිබූ සියලුම ටයිල් විනාශ වී තිබේ.
මෙම බහාලුම් දෙකෙහි ටයිල් අඩංගු පෙට්ටි දෙදහස් දෙසිය පනහ බැගින් තිබී ඇති බව වරාය අධිකාරිය සඳහන් කරයි.
මෙරට ආනයනකරුවෙකු විසින් ඉන්දියාවෙන් ආනයනය කර ඇති මෙම ටයිල් තොගය වරායේ ග්‍රෑන්ඩ් දොඹකරයක් මගින් පිටතට ගැනීමේදී දොඹකරයෙන් බහාලුමට සවි වන ලොක් බුරුල් වීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් වරායේ කිසිවකුට හෝ හානියක් සිදුව නොමැත.
දොඹකරය කඩා වැටීමෙන්රු පියල් කෝටි ගණනක ටයිල් විනාශවී ඇති බවද පැවසේ.
Saru News










