ජනාධිපති අනුර හෙළි කළ රහස මොහොතකින් ලොව පුරා පැතිරී යයි – Saru News | සිංහල

0
6

ඉරාන යුද නෞකා පමණක් නොව, ඇමරිකා ප්‍රහාරක යානා දෙකක් ද ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මුල් වරට පාර්ලිමේන්තුවේ දී හෙළි කිරීමත් සමඟ ලොව පුරා සියළුම ප්‍රධාන මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්තියක් බවට පත් කර ගෙන තිබිණි.

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දරුණු යුද්ධයක් ආරම්භ කිරීම තුළින් මෙරටට ඇතිවෙන බලපෑම් පිළිබඳව මෙතෙක් ගෙන තිබෙන සියළු ක්‍රියාමාර්ග පිළිබඳ විස්තරයක් ද ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙතෙක් රාජ්‍යතාන්ත්‍රික රහසක් ලෙස පැවති, නමුත් ඒ මොහොත ඉක්ම ගිය පසු හෙළි කළ යුතු කරුණු පිළිබඳ ජනාධිපතිවරයා එහි දී පැහැදිලි කළේය. මාර්තු මස 09 වෙනිදා 13 වෙනිදා දක්වා ඉරාන යුද නැව් තුනක් Goodwill visit යනුවෙන් නම් කළ සංචාරයක් යටතේ කොළඹ වරායට පැමිණීමට පෙබරවාරි 26 වෙනි දින ඉල්ලා ඇති අතර එදින ම සවස් වනවිට ඇමරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපලට ගොඩ බැස්සවීම සඳහා අවසර ඉල්ලු බව ප්‍රථම වරට ජනාධිපතිවරයා හෙළි කළේය.

නමුත් එම දෙරටේ ම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත්, ඇති වී තිබෙන යුද්ධයේ දී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශවයකට කිනම් හෝ සහයෝගයක් ලබා නොදෙන ප්‍රතිපත්තියක සිටින බවත් එය ක්‍රියාමාර්ග තුළින් ම තහවුරු කළ ආකාරයත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව ලොව පුරා මාධ්‍ය විශාල ප්‍රචාරයක් කර තිබූ අතර එයින් වීඩියෝ දෙකක් පහතින් දක්වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here