ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව තුළ සියලු ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව යොහෙයි සසකාවා මහතා මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.
එසේම උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා වන ඉදිරි සැලසුම් ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදී.
ශ්‍රී ලාංකික ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම නගා සිටුවීමට දරන උත්සාහය සහ ශ්‍රී ලංකාව තුළ සමාජ සේවය වෙනුවෙන් වන දිගු කාලීන කැපවීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී යොහෙයි සසකාවා මහතා වෙත සිය කෘතඥතාව පළ කර සිටියේය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.
Saru FM Media