ජනපති සමඟ සාකච්ඡා සාර්ථකයි – සංවර්ධන නිලධාරීන් මාරාන්තික උපවාසය අත්හරී

0
5

ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හැර දැමීමට තීරණය කර තිබේ.

වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය දින 9ක් පුරා උපවාසයේ නිරතවිය.

මේ දින කිහිපය පුරා මාරාන්තික උපවාසයට එක් වූ පුද්ගලයින් 7දෙනාගෙන් 6දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් ඔවුන් අවස්ථා කිහිපයකදී රෝහල්ගත කිරීමට පියවර ගැනුණි.

ඒ අනුව අද උදෑසන ජනාධිපතිවරයා සමඟ පාසල් සංවර්ධන නිලධාරීන්ට සාකච්ඡාවක් හිමිවූ අතර, එහිදී ජනාධිපතිවරයා විසින් පහත සඳහන් කරුණු සඳහා එකඟත්වය පළ කර තිබේ.

  • අත්තනෝමතික ලෙස සංවර්ධන නිලධාරීන් ආයතනගත කිරීම නතර කිරීම. එවිට ආයතනගත වීමකින් තොරව දීර්ඝකාලීනව පාසල් පද්ධතියේ රැඳීමට හැකියාව හිමිවේ.
  • පාසල්වල වසර 7ක් ඉගැන්වූ පාසල් සංවර්ධන ගුරුවරු ගුරු සේවයට ප්‍රවිශ්ඨ වීමට අවශ්‍ය ක්‍රමවේදය නිර්මාණය කිරීම.

කෙසේවෙතත් සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ, ලේකම් විරාජ් මනරංග මහතා,

“අපි ඒ දේවල් විශ්වාස කරනවා. ඒ දේවල් බිඳවැටුණොත් දැවැන්ත ක්‍රියාමාර්ගවලට යන්න කිසිදු අවස්ථාවක පසුබට වෙන්නේ නෑ…”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here