ජනපති යූ ටියුබ් කරුවන්ට කිව්වේ මොනවාද?; ඉරානය ගැන යුද රහසකුත් කියලා

0
3

ජනපති අනුර කුමාර දිසානායක මහතා, පසුගිය සතියේදී යුටියුබ් කරුවන් පිරිසක් සමඟ සිදුකළ කතා බහ සම්බන්ධයෙන් විවිධ මත පලවෙමින් තිබේ.

කෙසේවුවද, එහිදී කතා කලේ මොනවාද යන්න සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් නිසි ලෙස සමාජ ගතව නොමැති.

මේ අතර එහිදී සිදුවූයේ යැයි කියන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අරුණ සතිඅන්ත පුවත්පත සිය ජනරජය කොළමින් හෙළිකර තිබේ.

එය මෙසේය.

යූටියුබ්කරුවන් පැලවත්තට

ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් දහහතර දෙනකු පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට ඉරිදා පස්වරුවේ ගෙන්වා ගනිමිනි. ඒ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමටය. සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් සම්බන්ධීකරණය කළේ ජනාධිපති මාධ්‍ය අංශයයි.

ජනාධිපතිවරයා සහ ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස පමණක් ඊට සහභාගි වූවේය. පස්වරු තුනට ආරම්භ වූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරි හමුව අවසන් වූයේ පස්වරු පහයි හතළිස් පහටය. සාකච්ඡාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා මෙසේ කීවේය.

ගල් අඟුරු ගැන ජනපති කට අරී

‘‘තෙල් ප්‍රශ්නය උග්‍රයි. බොරතෙල් නැවක් ලබන සතියේ එන්න තියෙනවා. ඒක ආවේ නැති වුණොත් සපුගස්කන්ද තෙල් පිරිපහසුව වහන්න වෙනවා.’’ ජනාධිපතිවරයා බලශක්ති අර්බුදය දීර්ඝ ලෙස පැහැදිලි කළේය.

එවිට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ඇසුවේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට රැගෙන ආ ගල් අඟුරුවල වංචාවක් තිබෙනවාද යනුවෙනි.’’ වංචාවක් නැහැ. නමුත් ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තියෙනවා.’’ ජනාධිපතිවරයාගේ පිළිතුරු විය.

ඇමරිකාවට තහංචි දැමූ හේතුව

ඉන් පසු සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් ඇසුවේ ඇමරිකා නාවික හමුදාවට අයත් ප්‍රහාරයක ගුවන් යානා මත්තල ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමේ යෝජනාව සම්බන්ධයෙනි. ‘‘ඒ කාලයේම තමයි ඉරාන නෞකා දෙකක් එන්න ඉල්ලලා තිබුණේ. ඒක නොවෙයි ලංකාවට ආපු ඇමරිකාවේ ඉන්දීය තානාපති මෙන්ම දකුණු හා මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත සර්ජි ගෝර් අපෙන් ඉල්ලීමක් කළා ඇෆ්ගනිස්ථානයේ පැවැති යුද්ධයෙන් ඇමරිකාව බේරාගත් එරට වැසියන් කටාර්වල හමුදා කඳවුරක ඉන්නවා. ඒ අය ලංකාවට භාර ගන්න පුළුවන්ද කියලා. මම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ත්‍රිකුණාමලය ඉන්ධන ගබඩා සංකීර්ණය හවුලේ ක්‍රියාකාරිත්වය මත සංවර්ධනය කිරීමේ යෝජනාවක්ද ඇමරිකා නියෝජිතයා ඉදිරිපත් කළා.’’ ජනාධිපතිවරයා කරුණු එකිනෙක හෙළි කළේය.

‘‘මම කටාරයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් එක්ක කතා කරන කොට ඒ අය කීවේ ඉරානයට අමාරු බව.’’ ජනාධිපතිවරයා මැදපෙරදිග යුද රහසක්ද හෙළි කළේය.

ජනපති උත්තර නොදුන් ප්‍රශ්නය

මෙහිදී තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු ඇසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග සබඳතා ඇති බැවින් ‘‘ෂුවර්’’ නිලධාරියෙක් ද යනුවෙනි. ඊට ජනාධිපතිවරයා කිසිදු උත්තරයක් දී නැත.

රවිට – ශානිට මොකද වෙන්නේ

ඉන් පසු එම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාම තවත් ප්‍රශ්නයක් මතු කළේය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් රවි සෙනෙවිරත්න හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකර පරීක්ෂණ නිවැරැදිව කරනවා. ආණ්ඩු පෙරළියකදී ඔවුන්ගේ ආරක්ෂාව ගැන තියෙන තහවුර කුමක්ද යනුවෙනි. ‘‘කිසිදු ප්‍රශ්නයක් නැහැ.’’ ජනාධිපතිවරයා කීවේය.
ඉන් පසු සාකච්ඡාව අවසන් විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here