ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

0
5

ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) දහවල් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

පළමුව, මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා, මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ අතර අනතුරුව, අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here