ජනපති අනුරට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් සමාජ මාධ්‍යට දැමූ 5ක් අත්අඩංගුවට. පොලීසියේ 3කටත් මාරුවීම්

0
4

මත්තල අධිවේගී මාර්ග පිවිසුම අසලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පරුෂ වචනයෙන් බැන වදිමින් එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහැරිය කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම එම අවස්ථාවේදී මත්තල අධිවේගී මාර්ග පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා සහ අනෙක් නිලධාරීන් දෙදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

පෙරේදා (17) කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ආසන පටි නොමැතිවීම හේතුවෙන් අධිවේගී මාර්ගයට ඇතුල්කිරීමට පොලීසිය අවසර ලබානොදීම නිසා උණුසුම් තත්වයක් උද්ගතව තිබූ අතර එහිදී එම බස් රථයේ ගමන් කළ පිරිස සහ පොලීසිය අතර බහින් බස්වීමක් ඇති වී තිබිණි.

එම අවස්ථාවේදී බස් රථයේ පැමිණි පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම කියමින් පරුෂ වචනයෙන් බැනවැදී ඇති අතර, එම අවස්ථාව ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.

ඒ අනුව විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් පස් දෙනෙකු කටාන පොලීසිය විසින් ඊයේ (18) අත් අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එසේ විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ අශෝභන ලෙස හැසිරීමට එරෙහිව එම අවස්ථාවේදී නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මත්තල අධිවේගී පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්, අනෙක් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙතත් මාරු කර යවා ඇති බව සඳහන්.

The post ජනපති අනුරට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් සමාජ මාධ්‍යට දැමූ 5ක් අත්අඩංගුවට. පොලීසියේ 3කටත් මාරුවීම් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here