වසර 07ක් පුරා විවිධ හේතු මත කල් දැමීම්වලට ලක් වුණු පළාත් පාලන ආයතන මැතිවරණයේ ඡන්ද විමසීමේ ක්‍රියාවලිය අද (06) පස්වරු 04ට අවසන් කෙරුණා.
තෙදින නිල සංචාරයක් සඳහා වියට්නාමය වෙත ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරු 01.25ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණි අතර ඉන් පසුව ජනාධිපතිවරයා මාලිගාවත්ත – අබේසිංහාරාමයේ දී සිය ඡන්දය භාවිත කිරීම සඳහා එක් ව සිටියා.
ඉන් අනතුරුව අද දහවල් කාලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය ද මිරිහාන පිහිටි සමෘද්ධි ශාලාවේ දී ඡන්දය භාවිත කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය භාවිත කිරීම සිදු කළේ රාජගිරිය – කොටුවේගොඩ විවේකාරාමයට පැමිණෙමින්.
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද අද පස්වරුවේ පැමිණ ඡන්දය භාවිත කළා.
හිටපු ජනාධිපතිවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ කොලේජ් හවුස් හි දී ඡන්දය භාවිත කිරීම සඳහා එක් ව සිටියා.
මීට අමතර ව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ද මිරිහාන ශ්‍රී චන්දාරාම විහාරස්ථානයේ දී ඡන්දය විමසීමේ කටයුතු සඳහා පැමිණ සිටියා.
Saru FM Media