ජනතාව පීඩාවට පත්වන ආකාරයේ සමාජ මාධ්‍ය ප්‍රචාරණයන්ට ඉදිරියේ දී වැඩ වරදින ලකුණු

0
10

ජනතාව පීඩාවට පත් වන ආකාරයේ සමාජ මාධ්‍ය තුළ සිදුවන ප්‍රචාරණය නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ආයුර්වේද නිෂ්පාදන සහ යම් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සිදු කරන ප්‍රචාරණය නියාමනය කිරීම පවතින නීතිය යටතේ සිදු කළ හැකි බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ජනතාව පීඩාවට පත්ව සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය කරන නීතියක් රට තුළ නොමැති බවත් ඒවා සම්පාදනය කිරීමෙන් මෙවැනි තත්ත්වය පාලනය කළ හැකි බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“ආයුර්වේද නිෂ්පාදන සහ යම් ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සිදුවන ප්‍රචාරණය නියාමනය සඳහා හෝ එහෙම නැත්තම් ඒවායේ ලැබුණු පැමිණිලි විමර්ශනයෙන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දැනට පවතින නීතිය අනුව කටයුතු කරන්න පුළුවන්.
නමුත් මේ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ජනතාව පීඩාවට පත්වන සියලුම ක්ෂත්‍ර ආවරණය වන පරිදි සමාජ මාධ්‍ය නියාමනය සඳහා අවශ්‍ය කරන නීතියක් අපේ රටේ නෑ. ඒ නීති සම්පාදනය කළ යුතුයි.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here