ජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එජාප සජබ එකට එකතු වෙනවා – ගාමිණී දිසානායක ජන්ම දින සැමරුමේදී විපක්ෂ නායක සජිත්

0
6

මාර්තු 21, කොළඹ LNW :

පිටපිට අවස්ථා ගණනාවක් මංමුළා වී වැරදි තීන්දු ගත් යුගයක ඒ වැරදි තීන්දුවල ප්‍රතිඵල ලක්ෂ 220 ජනතාව අත්විඳින යුගයක දක්ෂිණාංශික වාමාංශික නොව පොදු ජන කඳවුර ශක්තිමත් කළ යුතු බවත් එහි දී ගාමිණී දිසානාක මහතා ⁣අපේක්ෂා කළ රට කෙත්වතු සරුසාර කළ ආහාර සුරක්ෂිත භාවය ඇති කළ යුතුය ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දී ශක්තිමත් කරන පොදුජන කඳවුර නිර්මාණය කළ යුතු බවත් එවැනි එකතුවකට සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එක්ව මුල පුරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) කොළඹ දී දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 84 වැනි ජන්ම දින සැමරුම හා එක්වෙමිනි.

සමාජය දැන් ඔළුගෙඩි දේශපාලනය ඩොලර් කුට්ටි දේශපාලනය පිළිගන්නේ නැති බවත් එවැනි හවුලකට එකමුතුභාවයකට සූදානම් නැති බවත් ජනතාවගේ වරමින් කරපිට හිසමත නැග ලබා ගන්නා ජයග්‍රහණය තුළින් අවසානයේ ජයගත යුත්තේ පොදුජනතාව බවත් මහජන විශ්වාසය පොදුජනතාවගේ අයිතිය රුපියල් ශතවලට ලබා දුුන් කාලය අවසන් බවත් මැද මාවත පොදුජන මාවත තුන්වැනි මාවත වෙනුවෙන් ලුම්පන් ධනවාදය අන්තවාදී ලිබරල් න්‍යායන් බැහැර කර අන්ත කොමියුනිස්ට් වාදය සමාජ වාදය බැහැර කර මානුෂීය ධනවාදය කරා යොමුව සමාජ සාධාරණත්වය කරා යොමුව ඒකීයභාවය භෞමික අඛණ්ඩතාව සුරකින සම්බුද්ධ ශාසනයට මුල්තැන දෙන සුරක්ෂිත කරන ප්‍රවර්ධන කරන සෙසු ආගම් ජාති ශක්තිමත් කරන එක්සිත්ව එක්සත්ව සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ක්‍රියාත්මක වන රටක් ගොඩනැගීමට එකතු වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මගේ දේශපාලන ගමනේ ආරම්භකයා ගාමිණී දිසානායක මහතායි

තමාගේ දේශපාලනයේ ආරම්භය ලබා දුන් අය සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ අර්ථකථන සිදු කළත් පවුල් දේශපාලනය බැහැර කළ අයකු ලෙස රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි බවත් තමාගේ දේශපාලන හා සමාජ සේවා ගමනේ ආරම්භය ලබා දුන්නේ දිවංගත ගාමිණී දිසානායක මහතා බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධායක කමක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගාමිණී දිසානායක මහතා කටයුතු කළේ ජනතාවාදී කදවුරේය

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොදුජන නායකයකු වූ ගාමිණී දිසානායක මහතා 30 වසරකින් අවසන් කිරීමට නියමිත මහවැලිය වසර හයකින් අවසන් කිරීමේ අභියෝගය බාර ගෙන එය ඉටු කළ බවත් ස්වර්ණභූමි ඔප්පු වැඩසටහන නිර්මාණය කළේද එතුමා බවත් එතුමා සිට කඳවුර වූයේ ජනතාවාදී ජනහිතකාමී ජනතාවගේ කඳවුර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වම දකුණ දැන් අසාර්ථකයි

මහපොළොවේ යථර්ථය වන්නේ වම සහ දකුණ අසාර්ථක බවත් මේ වාමවාදී සහ දක්ෂිණාංශික න්‍යායන් විදේශයෙන් අප රටට පැමිණි පරගැති න්‍යායන් බවත් අද අප රටට අවශ්‍යව ඇත්තේ ජනතාවාදී න්‍යායක් බවත් පොදුජනතාව සුරක්ෂිත කරන පොදුජනතාව රැකගන්න සමස්ත පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වන න්‍යායක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දැන් ලෝකය පිළිගන්නේ ජනතාවාදී පාලනයන්

වමේ කඳවුර දකුණේ කඳවුර යනු යල්පැනගිය ලෝකය ප්‍රතික්ෂේප කළ න්‍යායන් බවත් ලෝකය ⁣පිළිගන්නේ ජනතා කේන්ද්‍රීය ජනතාවාදී න්‍යායන් බවත් ජේ.ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි සහ රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු අය කිසිදු න්‍යාය කඳවුරකට දැමුවේ නැති බවත් කුමන කතා කිව්වත් මේ නායකයක් අනුගමනය කළේ ජනතාවාදී න්‍යායන් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මහවැලිය, මහපොළ,ගම්උදා හා ජනසවිය දක්ෂිණාංශික න්‍යායන් නොව පොදුජනතාව ශක්තිමත් කරන ජනතාවාදී න්‍යායන් බවත් ගාමිණී දිසානායක මහතා ලුම්පන් ධනවාදය ගජමිතුරු ධනවාදය වාමවාදී සමාජවාදී අන්තවාදය පවා ප්‍රතික්ෂේප කළ බවත් මහවැලිය ස්වර්ණභුමි ඔප්පු වැඩසටහන් හරහා පොදු ජනතාවගේ සිතුම් පැතුම් රජකරවන ජනතාවාදී න්‍යායක් ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

අප රටට ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා දෙන්න දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරක් ඉටු කළ බවත් මහවැලි සංකල්පයට දැවැන්ත මූල්‍ය ශක්තිය ලැබෙන විට වික්ටෝරියා ව්‍යාපෘතියට පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුවේදී මාගට් තැචර් මැතිනියගේ වික්ටෝරියා ව්‍යාපෘතිය ඉල්ලා සිටීමේ ලියවිල්ල දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතා බවත් පසු කාලීනව විවිධ හේතු මත මතිමතාන්තර මත විරසක වීම සිදු වුවත් අවසාන මොහොතේ පවා රණසිංහ ප්‍රේමදාස මහතා අපේක්ෂා කළේ ගාමිණී දිසානායක මහතා හා එක්වීම බවත් මොවුන් ගමන් කළේ එකම මාවතක බවත් ඒ පොදුජන මාවත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

The post ජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එජාප සජබ එකට එකතු වෙනවා – ගාමිණී දිසානායක ජන්ම දින සැමරුමේදී විපක්ෂ නායක සජිත් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here