චීසි චිකන් ෂ්නිට්සැල් විත් ස්පයිසි මැංගෝ ඩිපිං (Cheesy Chicken Schnitzel with Spicy Mango Dipping)

0
14


අවශ්‍ය ද්‍රව්‍ය:

  • කටු රහිත කුකුල් මස් බ්‍රෙස්ට් කොටස් 2
  • චොප් කරගත් කේපර්ස් මේස හැඳි 1
  • චොප් කරගත් කළු ඔලිව් ගෙඩි 5-6
  • ගාගත් මොසරැල්ලා චීස් 25g
  • බිස්කට් කුඩු කොප්ප 2
  • ගසාගත් බිත්තර 1
  • පාන් පිටි කෝප්ප 1
  • ලුණු සහ ගම්මිරිස් රස පදමට
  • ගැඹුරු තෙලේ බැදීම සඳහා තෙල්

මැංගෝ ඩිපිං සඳහා අවශ්‍ය ද්‍රව්‍ය:

  • හොඳින් ඉදුනු අඹ කැබලි කෝප්ප 1
  • විනාකිරි(සුදු) කෝප්ප 1/2
  • ඉන්ග්ලිෂ් මස්ටර්ඩ් මේස හැඳි 1
  • චොප්කරගත් ඉඟුරු මේස හැඳි 1
  • චොප්කරගත් අමු මිරිස් කරල් 2- 3
  • ගම්මිරිස් කැබලි තේ හැඳි 1

සාදන ක්‍රමය:

කුකුළු මස් බ්‍රෙස්ට් කැබලි 2 කකට කපා වෙන වෙනම කැබලි වෙන් නොවන සේ තලා ගන්න (pound-out) (මේ සඳහා මස් කැබැල්ල Cling Film එකකින් වසා සකසා ගන්න). දැන් කේපර්ස්, ඔලිව් හා චීස් කලවම්කර මිශ්‍රණයක් සකසා ගන්න. තලාගත් කුකුල් මස් කොටස් පරිස්යසමින් යන්තම් දෙකට පලා මැද්දට චීස් මිශ්‍රණය පුරවා ගන්න. ඉන්පසු මෙම පුරවාගත් මස් පිළිවෙලින් පාන් පිටි වල දවටා, බිත්තර සාරු වල බහා බිස්කට් කුඩු තවරා සකසා ගන්න. ඔබට අවශ්‍ය නම් මෙම ආකාරයෙන් දෙවරක් බිස්කට් කුඩු තවරා ගත හැකිය. මෙම සකසාගත් මස් කැබලි ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තුරු බැද පසෙක තබන්න.

ඩිපිං සෝස් එක සඳාහා බ්ලෙන්ඩරයක් ආධාරයෙන් අඹ හා විනාකිරි වලින් ස්වල්පයක් දමා හොඳින් උකු (Puree) වන තුරු බ්ලෙන්ඩ් කරගන්න. දැන් අබ විනාකිරි ගම්මිරිස් කුඩු චොප් කරගත් ඉඟුරු හොඳින් කලවම් කරගන්න. මෙයට Puree කරගත් අඹ මිශ්‍රණය හා මිරිස් කැබලි එක්කර නැවත මිශ්‍ර කර බැදගත් චිකන් කැබලි සමඟ පිළිගන්වන්න.

 

chef

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here