චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් සහ ඇමති ලාල්කාන්ත හමුවෙයි… – Saru News | සිංහල

0
9

චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් පසුගියදා ගොවිජන මන්දිරයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති ලාල්කාන්ත හමුවී තිබේ.

එහිදී දෙපාර්ශවය අතර වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින් පල වේ.

“වීන වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි පිරිස සඳහන් කළේ ඔවුන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බවය. දැනට භාවිතයට නොගන්නා ඉඩම් භාවිත කරමින් විශාල පරිමාණයේ කිරි නිෂ්පාදන ගොවිපල් සහ අපනයනය ඉලක්ක කරගත් එළවළු, පලතුරු වැනි කෘෂි නිෂ්පාදන සිදු කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මහවැලි අධිකාරියට අයත් දැනට භාවිතයට නොගන්නා ඉඩම් මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් වන නිශ්චිත යෝජනාවලියක් චීන වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කළ අතර, එය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා වෙත මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට ද ඔවුන් විසින් කටයුතු යොදන ලදී. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූවේය.”


92

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here