චීනයේ ප්‍රධානතම දේශපාලන උපදේශක යාන්ත්‍රණය වන චීන මහජන දේශපාලන උපදේශක සභාවේ (CPPCC) වාර්ෂික සැසිය අද (04) ආරම්භ විය.
ඒ අනුව, CPPCC හි 14 වැනි ජාතික කමිටුවේ 4වැනි සැසියේ සමාරම්භක අවස්ථාව, මහජන මහා ශාලාවේදී අද බෙයිජිං වේලාවෙන් ප.ව. 3.00ට ආරම්භ වූ අතර, එම අවස්ථාවට චීන ජනපති ෂී ජින්පිං මහතා ඇතුළු එරට නායකයන් එක්විය.
මෙහිදී CPPCC 14 වැනි ජාතික කමිටුව නියෝජනය කරමින් එහි සභාපති වාං හූනින් මහතා විසින් කාර්ය වාර්තාවක් ඉදිරිපත් කළේය.
වසර 2025 තුළ CPPCCය වෙත යෝජනා 5,992ක් යොමු කර තිබුණු බවත්, ඒ අතරින් යෝජනා 5,992ක් හෙවත් 99.9%ක් සලකා බලමින් නිසි කලට පිළිතුරු දීමට සමත් වූ බවත් ඔහු මෙහිදී පැවසීය.
Saru News
















