චීන පහන් කූඩු උත්සව සල්පිල කොළඹ වරාය නගරයේදී (ඡායා)

0
5

චීන අලුත් අවුරුද්ද හා සමගාමීව පැවැත්වෙන පහන් කූඩු උත්සවයක් පසුගිය 27 – 28 දෙදින තුළ කොළඹ වරාය නගරයේදී පැවැත්වුණි.

මෙහි සමාරම්භක උත්සවයට ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතා හා ජින් චියැන් මහත්මියද, කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර  – හනීෆ් යූසුෆ් මහතා,  චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ කොළඹ වරාය නගරයේ නිලධාරීන් මෙන්ම කොළඹ සිටින චීන ජාතිකයන් හා දේශීය පුරවැසියන්ද එක්විය.

මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ පැවැත්වුණු මෙම උත්සවය, ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය, බස්නාහිර පළාත් සභාව, CHEC පෝට් සිටි කලම්බු (පුද්ගලික) සමාගම, ජර්ජියැං පළාත් සංස්කෘතික ගුවන්විදුලි රූපවාහිනී සහ සංචාරක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විදේශ චීන සංගමයේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ හා චීනයේ සංස්කෘතික අංග රැසකින් මෙන්ම, මල්වෙඩි සංදර්ශනයකින් හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංස්කෘතික අංශයේ දස්කම් වලින් මෙම උත්සවය තවදුරටත් වර්ණවත් විය.

මෙම සල්පිලට කොළඹ සිටින චීන ව්‍යාපාර හා වෙළඳුන් 20ක් මෙන්ම ශ්‍රී ලාංකික ව්‍යාපාර 30ක් සහභාගී වුනු අතර, දෙරටේම ආහාර වර්ග ඇතුළු විශේෂිත නිෂ්පාදන, සංචාරක ව්‍යාපාරයට අදාළ සංස්කෘතික භාණ්ඩ හා සාම්ප්‍රදායික අස්පෘශ්‍ය සංස්කෘතික උරුම අත්කම් මෙහිදී දක්නට ලැබුණි.

තවද, අලංකාර පහන් කූඩු හා චීන සාම්ප්‍රදායික සංස්කෘති අත්දැකීම් රැසක් අත්විඳීමටද මෙහි පැමිණ සිටයවුන්ට අවස්ථාව ලබාදී තිබුණි.

උත්වසයේ සංවිධායකයන් පවසන්නේ මෙම සල්පිල හුදෙක් සාම්ප්‍රදායික චීන සංස්කෘතික අංග ඇතුළත් විචිත්‍රවත් ප්‍රදර්ශනයක් පමණක් නොවන බවයි. මෙය දෙරට ජනතාවන් අතර සබඳතා වර්ධනය කිරීමේ විචිත්‍රවත් භාවිතයක් බවත්, මෙරට වෙසෙන විදේශීය චීන ප්‍රජාවට හෘදයාංගම අලුත් අවුරුදු ආශිර්වාද ලබා දෙන අතරම, ශ්‍රී ලාංකික ජනතාවට චීනය පිළිබඳ වඩා ගැඹුරු අවබෝධයක් ලබාදීමට ඉවහල් වන බවත් ඔවුහු පෙන්වා දෙති.

(ඡායාරූප: ශානිකා ජයසේකර)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here