චාමරටත් අධි චෝදනා – Saru News | සිංහල

0
9

ඌව පළාත් ප්‍රධාන ඇමතිව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක් පාඩු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම ඊයේ (23) සඳහන් කර ඇත.

ඊයේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ ඇප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අධිකරණයේ පෙනී සිට තිබේ.

අල්ලස් කොමිසම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ සමයේ 2016 පෙබරවාරි 29 දින රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පළාත් සභාවේ ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්පිරීමට පෙර ඉවත්කර රජයට රුපියල් ලක්ෂ 173ක පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් ගොණු කළ පැමිණිලි තුනෙන් එක් පැමිණිල්ලක විමර්ශන අවසන් කර මෙසේ අධි චෝදනා ගොනුකර නඩු පවරා ඇති බවය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් සැකකරුට එරෙහි සෙසු නඩු දෙකෙහි විමර්ශන ප්‍රගතිය 2026 මැයි 19 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට දන්වා සිටියේය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here