ගෝටාබය රාජපක්ෂ අල්ලස් කොමිසමට – Saru News | සිංහල

0
5

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අද (17) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

ඒ, එම කොමිසම විසින් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුට සිදු කර ඇති කැඳවීමක් අනුවය.

ඔහු මෙලෙස කැඳවා ඇත්තේ ගෝටාබය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි වකවානුවේ කොළඹට නුදුරු ප්‍රදේශයක නිවාස සංකීර්ණයක නිවාස ගණනාවක් නීත්‍යනුකූල නොවන ආකාරයට කිහිප දෙනකුට ලබා දීමට නිර්දේශය දෙමින් ලිපි නිකුත් කිරීමට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා බව වාර්තා වේ.

මෙම විමර්ශනයට අදාළව හිටපු අගවිනිසුරුවරයකු සහ නීතිපතිවරයකු වූ මොහාන් පීරිස්ටද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කැඳවීමක් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here